Tuesday, March 1, 2011
Sunday, February 20, 2011
බ්ලොග් එකට නමක්
කවදත් විභාග වලට පෙර සූදානමක් නොතිබුන මම හෙට තියෙන විභාගෙට පාඩම් කරන්න කියල අද උදේ නැගිටල කාඹරේ හිටියොත් ආයෙත් නිදිමත හැදෙන නිසා පාඩම් කරන්න කියල සාලෙ මේසෙට ගියා. කොච්චර හිතන් හිටියත් පාඩම් කරන්න ඔනෙ කියල මගෙ හිත කීකරු කාරගන්න එක හරිම අමාරු වැඩක්. කොහොම කොහොම හරි බ්ලොග් එකක් කියවල මට ටිකක් දුක හිතුන ඒකෙ තිබුන කතාවට. ඔහොම ඉන්නකොට මට කලින් ඉදං තිබුන බ්ලොග් එකක් පටන් ගැනීමේ උවමනාව ආයෙත් මතු උනේ එක පාරටමයි. මටත් හිතුන නිකං ඉන්න වෙලාවට වටින කියන අදහස් බෙදා හදා ගන්න මගේම බ්ලොග් එකකට මුල පුරන්න ඔනෙ කියල. දැං ඉතිං මුලිමන්ම නමක් දාල ඉන්න එපැයි.
මේ නම දාන්න කලින් මට ගොඩක් දෙවල් හිතුන. ඒත් ඕන අලයක් වෙද්දෙං කියල ඒකම දාන්න කල්පනා කලා. කාටත් මතක ඇතිනෙ මීට අව්රුදු කිහිපයකට ඉස්සෙල්ල ඉදං ලංකාවෙ අපි කාටත් තිබුනු ප්‍රශ්නයක්නෙ ඩෙංගු වසංගතය කියල කියන්නෙ. ඒ කාලෙ මදුරුවංගෙන් බෙරෙන්න නොයෙකුත් දෙවල් ගෙවල් වල කෙරුන. අපෙ ඉස්කෝලෙත් කීපදෙනෙක්ම ඩෙංගු මාරයාට බිලි උන නිසා අපේ අම්ම හරිම බයෙන් හිටියෙ. නෙට් දානව, මැට්, මදුරු කොයිල්, ස්ප්‍රේ, ටීවී එකෙ පෙන්නන ඔක්කොම ජාති උස්සං අවිත් මදුරුවෙකුට තියා මිනිහෙකුටවත් අපේ ගෙදර අහලකිංවත් යන්න පුලුවන් තත්වයක් නෙවෙයි තිබුනෙ. ඒ දෙවල් කොහොම උනත් අපි ඉස්කෝලෙ ගියහම මේව එකකින්වත් වැඩක් නැති නිසා අපෙ තාත්ත අරගෙන ආව පැඟිරි තෙල් බෝතලයක් උදෙට කකුල් වල ගාගෙන ඉස්කෝලෙ යන්න කියල. අපේ අම්ම වැඩි හොදට පැඟිරි තෙල් කුප්පියක් මගෙ බැග් එකටත් දාල යැව්ව.
මම එතකොට අට වසරෙ. අම්ම කියපු විදිහටම මමත් ඉසිකෝලෙදි විඩෙං විඩේ පඟිරි තෙල් ටිකක් ගාගෙන තමයි වැඩ පටන්ගන්නෙ. දවසක් අපෙ පංති භාර ගුරුතුමිය පන්තියෙන් අහනව, "මොකක්ද ළමයි මේ සුවඳ" කියල. අපේ සෙට් එකත් පැනපු ගමන් කියාපි, "මැඩම්, මේ අමල්ෂගෙ පැඟිරි සුවඳ තමයි ඔය" කියල. මටත් හරිම ලැජ්ජාව. මැඩමුයි යාළුවො ටිකයි මට හිනා උනා. ඊට පසිසෙ මැඩමුත් මාව වර්නනා කරල, අපෙ අම්ම ගැනත් හොඳ කියන්න උනා. කොහොම කොහොම හරි එදා ඉඳං මම 'පැඟිරා' උනා. පංතියෙ හැමෝම මාව බයිට් කලේ ඕක කියල. බිලොග් එකට නමක් හිතනකොට මට මතකෙට ආවෙ ඔන්න ඔය සිදිධිය.........
Subscribe to:
Posts (Atom)